IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලක්ෂ පහක කේරළ ගංජා සමඟ තරුණයකු දැලේ

(සිතුම් චතුරංග)

           

කිලිනොච්චිය, විනයාගපුරම් ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 5 ක් වටිනා කේරළ ගංජා කිලෝ 4 යි ග්‍රෑම් 220 සමඟ තරුණයකු අද (20) දහවල් අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.

කිලිනොච්චිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයකු පිළිබඳ කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගත් බව පැවසීය.

ගමන් මල්ලක් තුළ සූක්ෂම ලෙස අසුරා සැකකරු කේරළ ගංජා තොගය රැගෙන යමින් සිටි බවත් යාපනය ප්‍රදේශයේ සිට මෙම කේරළ ගංජා රැගෙන එන්නට ඇති බවට සැක පළ කරන බව පොලිසිය පවසයි.

සැකකරු කේරළ ගංජා තොගය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලබාදී බෙදාහැරීමට නියමිතව තිබූ බවට සිදුකළ පරික්ෂණ වලදී අනාවරණය වූ පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවටගත් සැකකරු කිලිනොච්චිය විනයාගපුරම් පදිංචි වයස අවුරුදු 20ක තරුණයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ලක්ෂ පහක කේරළ ගංජා සමඟ තරුණයකු දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 57 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site