(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙලේ සාමාජිකයෙකු විදේශීය රටක නිෂ්පාදිත රිවොල්වර් වර්ගයේ ගිනි අවියක් සමඟ අද (13) කිරිදිවැල මයිලවලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය කියයි.
මයිලවලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු කළක් ගුවන් හමුදාවේ සේවය කර ඇති බවත් දැනට වැලිකඩ බන්ධනාගාරගතව සිටින හංවැල්ල ප්‍රදේශයේ පදිංචි තිලිණ නැමැති අපරාධකරුගේ හිතවතෙකු බවත් එම ඒකකයට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
මෙම සැකකරු තිලිණ නැමැති පාතාල කල්ලි නායකයා වෙනුවෙන් මෙම රිවෝලවරය රුපියල් ලක්ෂයකට මිලදී ගෙන ඇති බවද මූලික පරීක්ෂණවලදී හෙළිකරගෙන ඇත.
සැකකරු කිරිදිවැල ප‍්‍රදේශයේ මත්කුඩු බෙදා හැරීමේ යෙදී ඇතැයිද තිලිණ නැමැත්තා බන්ධනාගාරයේ සිට එවන ලද මුදලකින් සැකකරු රිවෝල්වරය සඳහා මුදල් ගෙවා ඇති බවද දිසා අපරාධ කොට්ඨාසය කියයි.
වරකාපොල, කිරිදිවැල, පිටකොටුව, ගනේමුල්ල ,අලව්ව සහ කෑගල්ල යන පොලිස් ස්ථාවල විභාග වන නඩු ගණනාවක සැකකරුවෙකු බවද එම ඒකකයේ නිලධාරියෙකු පැවසීය.
සැකකරු හෙට (14) පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
428
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිවොල්වරයක් සමඟ අයෙක් අත්අඩංගුවට