(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුව –හබරණ ප‍්‍රධාන මාර්ගයේ මොරගස්වැව ප‍්‍රදේශයේදී අද(18) සවස ත‍්‍රිරෝද රථයක් සහ යුද හමුදා වෑන් රථයක් එකිනෙකට ගැටීම නිසා සිදුවූ අනතුරකින් ත‍්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු මරුමුවට පත්ව තවත් 4 දෙනෙකු තුවාල ලබා ඇතැයි හබරණ පොලීසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ හිඟුරක්ගොඩ,දෙකේ කණුව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
තුවාලකරුවන් හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යවා ඇත.
හබරණ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd