(හිරාන් ප්‍රියංතර ජයසිංහ )
 
හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ කටුනේරිය ප්‍රදේශයේදී  අද  ( 9 )  සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මාරවිල පොලිසිය පවසයි.

ලොරි රථයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ මෝටර් රථයේ රියදුරු ය. ඔහු කටුනේරිය ප්‍රදේශයේ පදිංචි ප්‍රසංග දිනේෂ් නැමති අවුරුදු 42ක් වයසැති පුද්ගලයෙකි.

බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ ලොරි රථයේ රියදුරු ය.  අනතුරට පත් වූ ලොරි රථය සාලියවැව ප්‍රදේශයේ සිට කොළඹ ප්‍රදේශයට ගඩොල් ප්‍රවාහනය කරමින් සිට තිබේ.

මෝටර් රථය කොළඹ සිට හලාවත දෙසට ගමන් කර තිබේ. අනතුර සිදුවීමත් සමගම  ලොරි රථය මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළී තිබේ.