IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් රතු එළියක්

(විජේරත්න රත්නායක)
                 
රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළු විසඳීම සම්බන්ධයෙන් බලධාරීන් තවදුරටත් කල් මරන්නේ නම් ලබන ජනවාරියේ ඊට එරෙහිව රට පුරා දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට සූදානම් බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියෝ පවසති.
                   
මේ සම්බන්ධයෙන් ඌව පළාත තුළ පවතින තත්වය පිළිබඳව කරන ලද විමසීමේදී අදහස් දැක්වූ ඥානානන්ද හිමියෝ මෙසේ පැවසූහ.
                 
“ඌව පළාත තුළ රැකියා විරහිත උපාධිධාරීන් අතරේ ගුරු විභාග සමතුන් 1400 ක් පමණ සිටිනවා. පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරියට අනුවම පළාතේ ගුරු පුරප්පාඩු 1600 ක් පමණ තිබෙනවා. ඒත් දැන්අවුරුදු ගාණක් තිස්සේ උපාධිධාරී ගුරු විභාග සමතුන් රැකියා ඉල්ලා මහපාරේ අරගල කරනවා. බලධාරීන් කියන්නේ මුදල් නෑ කියලයි. හැමදාමත් ඒ අය කරන්නේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කල්මැරීම පමණයි.
                 
අප මේ සම්බන්ධයෙන් ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයාගෙනුත් ඉල්ලීම කළා. අපි කියන්නේ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරවාගෙන මේ තිබෙන පුරප්පාඩු සඳහා පළාතේ ගුරු විභාග සමතුන්ට රැකියා දෙන්න.  ඒ වගේම ගුරු පුරප්පාඩුවලට අමතරව පළාත් රාජ්‍ය සේවයේ ඇතිවන වෙනත් පුරප්පාඩු පිරවීමේදී ඌවේ බලධාරීන් ගන්නා පියවර කුමක්ද?
                 
අපි අදත් (13) මේ සම්බන්ධයෙන් පළාතේ අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරනවා. නිසි විසඳුමක් නැතිනම් මේ බලධාරීන්ට මේ ගැන වෙනත් විදිහකින් ඉල්ලීම් කරන්න අපට සිදුවෙනවා. එහි පළමු පියවර ලෙසට අපි මේ මස 18 වැනිදා උදේ බදුල්ලේදී නිහඬ විරෝධතාවයක් කරනවා. පසුව එය දීප ව්‍යාප්ත රැස්වීම් මාලාවක් ලෙස මේ මස 29 දක්වා ගෙනයමින් ලංකාව පුරා අපේ සාමාජිකත්වය ඇතුළු සමස්ථ රැකියා විරහිත උපාධිධාරීන් ඒකරාශී කරගෙන ලබන ජනවාරියේදී ජයග්‍රහණයෙන් අවසන් වන දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කරනවා.
                 
තව දුරටත් අපේ ප්‍රශ්නය මඟහරින්න එපා. ආණ්ඩුවේ ප්‍රතිචාරය යහපත්නම් අපේ හැසිරීමද යහපත්. ආණ්ඩුවේ ප්‍රතිචාරය අයහපත්නම් අපේ හැසිරීම අන්තිම අයහපත්. අප මේ පළාතේ බලධාරීන්ටත් මේ ආණ්ඩුවටත් ඒ බව අවධාරණය කරනවා” යැයිද හිමියෝ කීහ.



අදහස් (1)

රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් රතු එළියක්

upali Friday, 13 December 2019 05:37 AM

පොඩ්ඩක් ඉන්න හාමුදුරුවනේ මේ පටන්ගත්ත විතරයිනේ. ටික කලකින් ඔය ප්‍රශ්න විසදයි කියල බලා පොරොත්තුවක් තියෙනවා...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 406 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1023 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site