IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රැකියා දෙනවයි කියා මුදල් වංචා කරන පුද්ගලයෙකු ගැන පරීක්ෂණ

(වසන්ත චන්ද්‍රපාල)
 
රැකියා දෙන බවට තරුණ තරුණයින් රවටමින් මුදල් වංචා කරන පුද්ගලයෙක් පිළිබඳව අම්පාර පොලිසියේ විශේෂ අපරාධ අංශය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලට අනධ්‍යයන කාර්ය මණ්ඩලයට පත්විමක් රැගෙන පැමිණි තරුණියගේ පත්වීම් ලිපිය පිළිබඳව සැක සිතුණු අම්පාර ඩී.එස් සේනානායක ජාතික පාසලේ විදුහල්පතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශයට කතා කර එම ලිපිය ගැන සොයා බැලීමේදී එය ව්‍යාජ ලිපියක් බව තහවුරු කරගෙන තිබේ.

පසුව විදුහල්පතිවරයා විසින් අම්පාර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර ඇති අතර අපරාධ විමර්ශන අංශය මගින් පත්වීම් ලිපිය රැගෙන පැමිණි තරුණියගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

අම්පාර නගරයේ පදිංචි අම්පාර අධිකරණයේ සේවය කර විශ්‍රාම ගත් පුද්ගලයකුට රුපියල් ලක්ෂ හතරක් දී මෙම පත්වීම ලබාගත් බවට තරුණිය පොලීසියට පවසා ඇත.

පත්වීම් ලිපියේ අතිරේක ලේකම් පාලන වශයෙන් අත්සන් කර ඇත්තේ ජී.එල්.එස්.සේනාධිර නැමැති මහතෙකු වන අතර එම අය දැනට සේවයෙන් විශ්‍රාම ගොස් ඇති බවද වාර්තාවේ.

මෙම පත්වීම් ලිපියේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව අම්පාර අපරාධ අංශය  මගින්  පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අම්පාර කොට්ඨාස වැඩබලන පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත් මහතාගේ උපදෙස් මත අම්පාර විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.එස්.කේ රත්නායක, පොලිස් සැරයන් 26315 පී විජේසිංහ යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

රැකියා දෙනවයි කියා මුදල් වංචා කරන පුද්ගලයෙකු ගැන පරීක්ෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site