(ජයරත්න වික්‍රමාරච්චි)
සාලියවැව අලුත්ගම ගලවැව මාර්ගයේ සිරිසරවත්ත ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂයක් පමණ වටිනා රන්භාණ්ඩ සහ මුදල් රුපියල් 25,000ක් සොරාගත් බව කියන සැකකරුවන් දෙදෙනෙකු අද (22) අත්අඩංගුවට ගත්බව සාලියවැව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සිරිසරවත්ත ප්‍රදේශයේම පදිංචි මෙම එක් සැකකරුවෙකුගේ ඥාතියෙකුගේ ඉඩමක ගස්බෙනයක් තුළ සඟවා තිබූ අදාළ රන් භාණ්ඩවලින් කොටසක් සොයා ගැනීමට හැකි වූ බවත් පොලිසිය පවසයි.
ගස්නැග කුලියට පොල් කඩන්නන් බව පැවසෙන මෙම සැකකරුවන් දෙදෙනා අවුරුදු 22 සහ 24 වයස්වල පසුවන්නන් බව පොලිසිය කීය.
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ බවට සැකකෙරෙන මොවුන් දහවල් කාලයේ අදාළ නිවසේ නිවැසියන් නැති අවස්ථාවක් බලා වහලයෙන් නිවසට ඇතුළු වී සොරකම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.