IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රත්නපුර ඡායාරූප ගත කළ තිදෙනා යළි රිමාන්ඩ්

(අප්සරා යෝසිත් විජේසූරිය)
 
වෙසක් පෝය දිනට පසුදින රත්නපුර නගරය ඡායාරූප ගත කළ ත‍්‍රස්ත සංවිධානයක සාමාජිකයන් යැයි සැකකරන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තරුණයන් තිදෙනා සම්බන්ධ නඩුව අද (3) කැඳවූ අවස්ථාවේදී වැඩිදුර විමර්ශන වාර්තාවක් හා නඩුවට අදාල සංදේශ  මේ මස 17 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  රත්නපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජනිතා රෝෂිණී පෙරේරා මහත්මිය පොලිසියට නියෝග කළාය.

එසේම මෙදින බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කළ මෙම නඩුවේ සැකකරුවන් තිදෙනාම 17 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට  මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.

මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත වුයේ මොහොමඩ් නශීර් මොහාමඩ් නෆ්රාත්, මොහොමඞ් පවුස් මොහොමඩ් අවුසාන්, යන මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙනා සහ කේ. අනුෂ්ක දිල්හාර කළුපහන නැමැති සිංහල තරුණයෙකි.

මෙදින මෙම සැකකාර තරුණයන් තිදෙනා වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ  ගාමීණී රත්නායක, ප‍්‍රියංකා ගුණවර්ණසූරිය, කිත්සිරි අරඹේවත්ත යන නීතීඥ මහත්ම මහත්මීන් කියාසිටියේ මෙම සැකකරුවන් ත‍්‍රස්තවාදය වැල්වීමේ පනත යටතේ පොලිසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත්කර ඇති නමුත්  මේ දක්වාම  පොලිසිය කළ විමර්ශනවලින් මෙම සැකකරුවන් එවැනි ත‍්‍රස්ත ක‍්‍රියාවන්ට හෝ ත‍්‍රස්ත සංවිධානයකට සම්බන්ධයයි අනාවරණයවූ හෝ තහවුරු වන කිසිඳු කරුණක් ඉදිරිපත් කර නොමැති බවයි.



අදහස් (0)

රත්නපුර ඡායාරූප ගත කළ තිදෙනා යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site