IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රත්නපුර ගංවතුර බැස යයි

 

(අජිත්ලාල් ශාන්තඋදය)

අධික වැසි හේතුවෙන් කළු, කුරු, දෙනවක්, බඹරබොටු, සහ හංගමු යන ගංගාවල ඉහළගිය ජලමට්ටම් අද (14) වනවිට නැවතී තිබුණ ද ජල මට්ටම අඩුවීම ඉතා සෙමින් සිදුවන බව වාරිමාර්ග දෙපාර්ත මෙන්තුව පෙන්වා දෙයි.

කළුගගේ ජල මට්ටම ඊයේ (13) රාත‍්‍රී 08.00 පමණ මුවගම ජල මාපකයේ මීටර් 08.01 ක් ඉක්මවා තිබූ අතර ඊයේ පෙරවරු 07.30 වනවිට ඉතා හෙමින් පහළ බහින බව පෙන්නුම් කළේය.

කළුගගේ ජල මට්ටම මීටර් 07.5 ඉක්මවීම සුළු ගංවතුර මට්ටමක් බව රත්නපුර දිස්ත‍්‍රික් වාරිමාර්ග ඉංජිනේරු අරුණ සමරතුංග මහතා පැවසුවේය.

කළුගගේ ජල මට්ටම ඊයේ (13) දවහල් 11.30 පමණ වනවිට මීටර් දෙකක මට්ටමේ පැවති අතර පැය අටක් වැනි කෙටි කාලයත් තුළ එනම් 13 දි රාත‍්‍රී 08.00 පමණ වනවිට එය මීටර් 08.01 දක්වා ඉහළ ගිය බවද අරුණ සමරතුංග මහතා කීය. එනැත් පටන් පැය 12 ක් එනම් අද (14) පෙරවරු 08.00 දක්වා කළුගගේ ජල මට්ටම අඩුවීම මීටර් 0.5ක් පමණ වූ සුළු අගයක් බවද වාරිමාර්ග ඉංජිනේරුවරයා පෙන්වා දෙයි.

මේ නිසා රත්නපුර ප‍්‍රදේශයේ සුල් ගංවතුර මට්ටමක් පවතින අතර රත්නපුර ඇලපාත, කුරුවිට. කිරිඇල්ල යන ප‍්‍රදේශ රැසක පහත්බිම් සහ පහත්බිම් හරහා යන මාර්ග රැසක් ජලයෙන් යටවී තිබිණි.

මේ අතර මල්වල ප‍්‍රදේශයේ අතුරු පාරක් ආසන්නයේ නිවසක පිටුපස ඉවුරේ තිබූ කළුගල් ගැලවී නිවසට යාබදව පිහිටි කුඩා ප‍්‍රමාණයේ වෙඳසැලකට  හානි වී ඇති බවද අභීත වනසුන්දර මහතා පැවසුවේය.

නිවිතිගල එරබද්ද ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක ද, රත්නපුර පොම්පකැලේ සහ රත්නපුර නැගෙනහිර මුද්දුව සිට පාතකඩ ප‍්‍රදේශය දක්වා ගමන්ගන්නා මාර්ගයේ පස්කඳු කඩාවැටීම් කිහිපයක් වාර්තාවූ බවද ජාතික ගොඩනැගිලි හා පර්යේෂණායතනයේ රත්නපුර ඉංජිනේරු අභිත වනසුන්දර මහතා පැවසුවේය.

ශ‍්‍රීපාද අඩවියට ඇදහැලූණු මහ වැසි නිසා කුරුගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් බොපත් ඇල්ලේ ද ජල මට්ටම ඉහළ ගොස් තිබුණි.

රත්නපුර ප‍්‍රදේශයට අදහැලූණු වැස්සේ යම් අඩුවක් අද (14) මධ්‍යහනය වනවිට දක්නට ලැබුණි. එහෙත් දවහල් 12.00 පමණ වනවිට අහස වැහිවළාකුලූවලින් බර විය.



අදහස් (0)

රත්නපුර ගංවතුර බැස යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 602 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site