IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


රත්නපුර එජාප අපේක්ෂකයෙකුගේ වාහන 4 ක් අත්අඩංගුවට

(අජිත්ලාල් ශාන්තඋයද)

මැතිවරණ නීතිය උල්ලංගනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක හසිත මුහන්දිරම්ගේ ස්ටිකර් අලවා ගමන් කරමින් තිබූ වාහන හතරක් අද (02) ඇහැලියගොඩ නැදුරණ මාර්යේ දී අත්අඩංගුවට ගත්බව රත්නපුර පොලිස් අධිකාරී සේනක වීරසිංහ මහතා පැවසීය.

අපේක්‍ෂකයා නොමැති වාහනයක අපේක්‍ෂකයෙකුගේ නම, පක්‍ෂ ලාංඡනය, මනාප අංකය සඳහන් ස්ටිකර් හෝ පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම තහනම් බව කි පොලිස් අධිකාරීවරයා රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂක හසිත මුහන්දිරම් මහතාගේ රුව, පක්‍ෂයේ ලකුණ සහ මනාප අංකය ඇලවූ රථවාහන ගණනාවක් කිරිඇල්ල පොලිස් වසමේ ගමන්කරන බවට පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව කිරිඇල්ල පොලිසිය ක්‍රියාත්මක වී සොයා බලද්දී එම රථ පෙළපාලිය ඇහැලියගොඩ පොලිස් වසමට අයත් නැදුරණ මාර්ගයෙන් ඇහැළියගොඩ දෙසට යමින් තිබූ බව කිරිඇල්ල පොලීසියෙන් කළ දැනුම්දීමක් අනුව ඇහැළියගොඩ පොලිසියට දන්වා අත්අඩංගුවට ගැනීම කළ බවද පොලිස් අධිකාරීවරයා කීවේය.

එසේම පොලීසිය මෙම වාහන පෙළපාලිය නවත්වන අවස්ථාවේ අපේක්‍ෂකයාගේ රුව, මනාප අංකය සහ පක්‍ෂ ලකුණ ඇතුළත් තවත් වාහන කිහිපයක් අතුරු පාරවල් ඔස්සේ පලාගිය බවට තොරතුරු ඇති බවද පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.

අපේක්‍ෂකයා නොදැනුවත්ව මෙවැනි ප්‍රචාරක කටයුත්තක් සිදුවිය නොහැකි යැයි ද පොලිස් අධිකාරීවරයා පැවසීය.

මෙය මුලුමනින්ම මැතිවරණ නීති උල්ලංගනය කිරිමක් බවද කී පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට පත් සැකකරුවන් සිව්දෙනා වාහන හතර පදවමින් සිටි අය බවත් ඔවුන් කලවාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් සඳහන් කළේය.

සැකකරුවන් සහ අත්අඩංගුවට පත් වාහන අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (1)

රත්නපුර එජාප අපේක්ෂකයෙකුගේ වාහන 4 ක් අත්අඩංගුවට

ජානක Tuesday, 04 August 2020 02:36 AM

පෙනෙන්නෙ ඒ කට්ටියගේ ඒවා පමණයි. අනෙක් පැත්තෙ අයගේ වාහනවලත් මෙහෙම වෙනවා දකින්න පුළුවනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 407 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site