(මහේෂ් කිර්තිරත්න)
රත්තොට අම්බලවත්ත පුද්ගලික වත්තක් මැදින් ජනතාවට ගමන් කිරිම සදහා වසර 20 ක් පමන කාලයක සිට පරිහරණය කිරිමට ලබා දි තිබු මාර්ගයක් වෙනස් කිරිම සම්බන්ධයෙන් වතු හිමිකරුවෙක් හා ගම්වාසින් අතර නොසන්සුන්කාරි තත්වයක් අද (28) පෙරවරුවේ එම ස්ථානයේදි ඇති විය.
මෙම මාර්ගය වතු අයිතිකරු විසින් වසා වත්තේ මායිමට සමාන්තරව අඩි පාරක් දිමට ක්‍රියා කිරිමට කටයුතු කිරිමේදි ගම්වාසින් සමග බහින් බස් විමක් හේතුවෙන් නොසන්සුන්කාරි තත්වයක් මතු වු බව ප්‍රදේශවාසින් කියයි.
මේ නොසන්සුන්කාරි තත්වය ඇති විමෙන් 27 වන දින දෙපිරිස අතර ඇතිවු ආරාවුලක් නිසා දෙනෙකු තුවාල ලබා මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබන බවද රත්තොට පොලිසිය සදහන් කරයි .
සිද්ධිය සම්බන්ධව රත්තොට පොලිසියට ලද තොරතුරක් මත පරික්ෂණයකට ලක් කිරිමෙන් පසු අධිකරන ක්‍රියා වලියක් ද සම්බන්ධ හෙයින් ගම්වාසින් සහ ප්‍රාෙද්ශිය සභාව සහ රත්තොට පොලිසිය සම්බන්ධ වි පිරිස ට කරුණු වටහා දිමෙන් පසු දෙපාර්ශවයම ප්‍රාෙද්ශිය සභාවට කැදවා පරික්ෂණයක් කරන තෙක් මාර්ගය භාවිතා කරන ලෙසට සභාපති හා පොලිසිය විසින් ගම්වාසින්ට උපදෙස් ලබාදුන්හ.
මෙම ස්ථානයට පැමිණි රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාරසේන තෙන්නකොන් මහතා හා මන්ත්‍රිවරුන් සහ රත්තොට පොලිස් ස්ථානාධිපති හර්බට් සිල්වා මහතා ඇතුලු නිලධාරින් සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර ඉිදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසිය.

2025 දෙසැම්බර් මස 18
178
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්තොට ඉඩම් ගැටලුව තාවකාලිකව විසඳයි