IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රත්ගම කසළ ප්‍රතිචක්‍රිය මධ්‍යස්ථානයට කසළ ප්‍රවාහනය තහනම් කරමින් අධිකරණ නියෝගයක්

(ඩී.ජී.සුගතපාල)
රත්ගම පන්විල මොන්රෝවියා වත්තේ කසළ ප්‍රතිචක්‍රියකරණ  මධ්‍යස්ථානයට කසළ ප්‍රවාහනය කිරිමත් එම මධ්‍යස්ථානයට කසළ බාර ගැනිමත් තහනම් කරමින් ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා දකුණු පළාත් පාලන කොමසාරිස්වරයාටත් කසළ ප්‍රතිචක්‍රියකරණ මධ්‍යස්ථානයේ බාරකරුටත් අද (14) කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කළේය.
 

රත්ගම පොලිසිය අධිකරනයට කරුනු වාර්තා කරමින් කියා සිටියේ මෙම කසළ ප්‍රතිචක්‍රිය මධ්‍යස්ථානය නිසා අවට පදිංචිකරුවන්ට දෛනික කටුයුතු කරගෙන යාමට නොහැකිව ඇති අතර දැඩි දුර්ගන්ධයක් පැතිර යන බවත් ලිං ජලයට අපද්‍රව්‍ය මුසුවි ඇති බවත් කුඹුරු අස්වැද්දිමට නොහැකි බවත් මේ නිසා ජනතාව අපහසුවට පත්ව ඇති බැවින් එම මධ්‍යස්ථානයට ගෙන එනු ලබන සියලුම කසළ ගෙන ඒම වැළැක්විම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98(1) වගන්තිය යටතේ කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
 
මේවනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හතක කසළ මෙම කසළ ප්‍රතිචක්‍රිය මධ්‍යස්ථානයට ගෙන එනු ලැබේ.
 
ඉදිරිපත් කරන ලද සියලු කරුණු සළකා බලන ලද මහේස්ත්‍රාත්වරයා රත්ගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රභාත් විතානගේ මහතා විසින්  විසින් ඉදිරිපත් කරනලද දිව්රුම් ප්‍රකාශයෙහි අඩංගු කරුණුවලට අවධානය යොමු කිරිමේදි එම කසළ ප්‍රතිචක්‍රිය මධ්‍යස්ථානයට ගෙන එනු ලබන ඝණ අපද්‍රව්‍ය නිසා මහජනතාවගේ කායික සුවයට හානිකර බවට සෑහිමකට පත්විමෙන් පසු එම කසළ මධ්‍යස්ථානයට ගෙන එනු ලබන කසළ ප්‍රවාහනය කිරිම වළක්වාලමින් ජනවාරි 21වනදින දක්වා බල පැවැත්වෙන පරිදි දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරු සහ කසළ මධස්ථානයේ බාරකරු බුද්ධික පතිරණ යන මහත්වරුන් වෙත මෙසේ කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කළේය.

එදිනට හෝ එදිනට පෙර අධිකරණයේ පෙනි සිට එම පනතෙහි 98(2) වගන්තිය යටතේ ප්‍රතිපාදන පරිදි මෙම ආඥාව අවලංගු කරවා ගැනිම පිණිස හෝ සුලු වශයෙන් වෙනස් කරවා ගැනිම පිණිස කරුණු දැක්විය යුතු බවටත් මහේස්ත්‍රාත්වරයා නියෝග  කළේය.

රත්ගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රභාත් විතාන මහතා සමග සැරවන් දේවසිංහ මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නිතිඥ ප්‍රසිත වල්ගම මහතා සමග,අජිත් කුමාර,යසස්වින් ගොඩකන්ද යන මහත්වරු පෙනි සිටියහ.



අදහස් (0)

රත්ගම කසළ ප්‍රතිචක්‍රිය මධ්‍යස්ථානයට කසළ ප්‍රවාහනය තහනම් කරමින් අධිකරණ නියෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 347 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site