(ඩී.ජී.සුගතපාල)

ආබාධිත රණවිරුවන් පිරිසක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට සහාය පළකරමින් “මව්බිම වෙනුවෙන් දකුණේ හඬ සංවිධානය“ අද (19) ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

මෙම පිරිස පළමුවෙන්ම ගාල්ල පොලිසිය ඉදිරිපිට  පිහිටි රණවිරු ස්මාරකය වෙත ගොස් මල් කළඹක් තබා බස් නැවතුම් පොළ ඉදිරිපිට පැමිණ සත්‍යග්‍රහය ආරම්භ කෙරිණි.

කහව වේරගොඩ ක්ෂේත්‍රාරාම පිරිවෙන් විහාරාධිපති වැලිවිටියේ ධම්මාලෝක හිමියන් ප්‍රධාන අක්මිමණ සහ නාගොඩ ප්‍රාදේශීය සභාපතිවරු ද දකුණු පළාත් සභවේ හිටපු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද ගාල්ල මහ නගර සභවේ මන්ත්‍රීවරියන් කිහිප දෙනෙක් ද ඇතුළු පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.