(මනුල වික්‍රම)
ගජබා රෙජිමේන්තුවේ 36 වන සංවත්සරයට සමගාමීව මියගිය ගජබා රණවිරුවන් සිහිපත්කර පුෂ්පෝපහාර පිදීමේ උත්සවයක් අද (13) සවස සාලියපුර පිහිටි රණවිරු ස්මාරකයේ දී පැවැත්විණි.
එම රෙජිමේන්තුවේ පුරෝගාමියා වූ මේජර් ජෙනරල් විජය විමලරත්න මහතා ඇතුළු මියගිය නිලධාරීන් 171 දෙනෙකු හා සෙසු සාමාජිකයින් 479 දෙනෙකු වෙනුවෙන් පුෂ්පෝපහාර පිදීමට යුද හමුදාපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රමුඛ හමුදා නිලධාරීහු සහ මියගිය අයගේ ඥාතීහූද එක්ව සිටියහ.






COMMENTS
තම මව්බිම රැකගැනීමේ ඒ උධාර ක්‍රියාව සදහා තමන්ගේ මිලකළ නොහැකි ජිවිත පරිත්‍යාග කල ඔබ සැම මෙන්ම සියලුම රණවිරුවන්ටත් ආබාදිත වූ ඒ අබිත රණවිරුවන් ලංකා මාතාවගේ හදවතේ රන්අකුරෙන් ලියවී ඇත. එය සක්කරයාටවත් මකා දැමිය නොහැක. ඔබ සැමට නිවන්සුව අත්වේවා !!! ඔබලා මෙලොවට බිහිකළේ ඒ සදාදරණිය මෑණියන්ටත් සියලුම ලාංකිකයන් සදා ණයගැතිය. මව්බිම වෙනුවෙන් පොරණේ.// දිවි දුන් ඒ විරු දරුවන්නේ..// "ලේවලිනුයි" ඒ දෙරණේ..// මිණිකැට මුතුකැට මැවුනේ..//
සමහර අය රණවිරු ගායට බෙහෙත් ගැන කතාකරන කාලේ මේ වගේ දේවල් අහන්නත් ආසයි
මුස්ලිම් ජාතියේ උත්තමාචාරය මෙසේ පුද කරමි. ඔබ සියලු දෙනාට නිවන් සුව ලැබේවා .!
ඇස් ඉස් මස් ලේ පූජා කරලා මගේ මව්බිම බේරාගත්තේ වීර රණවිරුවෝ. ගැමුණු රජතුමාගේ පටන් මේ රට බේරාගත්තා.නමුත් මේ දේශපාලුවෝ පක්ෂ බේදයකින් තොරව මේ රට විනාශ කළා.