රොමේෂ් මධුෂංඛ
යාපනය අරියාලෙයි ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන්ට පහර දුන් කාන්තාවන් දෙදෙනා ඇතුළු 6 දෙනෙකු අද (18) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන අප්‍රේල් 1 වැනි දා දක්වා බන්ධනාගාර ගත කරන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා නියෝග කර සිටියේය.
අරියාලෙයි ප්‍රදේශයේදී වැලි ජවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ නොසන්සුන්තාවයේ දී ජාවාරම්කරුවන්ගේ පහරදීමෙන් රෝහල් ගත කෙරුණු පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලුන් තිදෙනා ද අද දහවල් වන විට රෝහලෙන් පිටත්ව ගොස් ඇත.
මේ අතර අරියාලෙයි ප්‍රදේශයේදී නොසන්සුන්තාවය ඇතිවූ ප්‍රදේශය ඇතුළු මාර්ගයන්හි පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ආරක්ෂාව දැඩි කර තිබේ.
වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහාද පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කිරීමටද යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරු නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 30
156
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
777
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
379
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යාපන පොලිස් විශේෂ බළකා නිලධරයන්ට පහර දුන් පිරිස රිමාන්ඩ්