(පද්මා කුමාරි කංකානම්ගේ )
ඉලන්තඩිය මුහුදු තීරයට පාවී ආ යාත්‍රා 2ක අසුරා තිබූ බීඩී කොළ කිලෝග්රෑම් 960ක්, කල්පිටිය විජය නාවික හමුදාව මගින් ඊයේ රාත්‍රී (19) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම බීඩී කොළ සමග යාත්‍රා දෙක සහ එන්ජිම් ද අත් අඩංගුවට ගෙන ඇත.
මේ අතර ඊයේ (19) දින නොරෙච්චෝලේ වෙරළ තීරයට ගොඩ ගසා තිබුණු බීඩී කොළ කිලෝග්‍රෑම් 23 ක, ඇසුරුමක් නොරොච්චෝල පොලිසිය භාරයට ගෙන ඇති බව නොරොච්චෝල පොලිස් ස්ථානාධිපති නිලන්ත බණ්ඩාර මහතා පවසයි.
මෙදිනම බත්තලංගුංඩුව වෙරළ තීරයට පාව ආ තවත් බීඩීකොළ කිලෝ ග්‍රෑම් 25ක ඇසුරුමක් බත්තලංගුංඩුව පොලිසිය භාරයේ පවතින බැව්, කල්පිටිය පොලිස් ස්ථානාධිපති ලක්ෂ්මන් රංවලආරච්චි මහතා පවසයි.
ඉන්දියාවේ සිට මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ බීඩී කොළ සහිත යාත්‍රාවක, ඉන් ගිලිහුණු බීඩී කොළ මෙසේ කල්පිටිය මුහුදේ පා වෙමින් තිබූ බවට ආරක්ෂක අංශ සැක කරයි.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.