(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
බෝවත්ත වීරපොකුණ මාර්ගයේ ධාවනය වු යතුරු පැදි දෙකක් ඊයේ ( 15 දා ) රාත්‍රි මුහුණට මුහුණ ගැටී සිදුවු අනතුරින් බරපතල ලෙසින් තුවාල ලද යතුරු පැදිකරුවන් දෙදෙනාම හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබූඅතර එක් යතුරු පැදි කරුවෙකු අද (16 දා) අළුයම මිය ගොස් ඇති බව බිංගිරිය පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ බිංගිරිය වීරපොකුණේ විසු දිල්ශාන් ඛාන් (අවුරුදු 19 ) නමැති තරුණයෙකි. තුවාල ලද අනෙක් යතුරු පැදිකරුගේ තත්වය බරපතල බව රෝහල් ප්‍රකාශයෙකු කීය.
එක් යතුරු පැදියක් බෝවත්ත දෙසින්ද, අනෙක් යතුරු පැදිය වීරපොකුණ දෙසින් ද පැමිණි අතර දෙදෙනාගේම යතුරු පැදි දෙක මුහුණට මුහුණ ගැටි පෙරැළි අනතුරට ලක්ව තිබූ බවත් පොලිසිය කියයි.
බිංගිරිය පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd