
(අමදෝරු අමරජීව)
කන්තලේ සේරුනුවර මාර්ගයේ අද (15) යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇත්තේ සුරියපුර පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ සේරුනුවර දෙහිවත්ත මහා විද්‍යාලයේ විද්‍යා විෂය උගන්වන කේ.සජිව සුපුන් නැමැති 32 හැවිරිදි ගුරුවරයෙකි.
මියගිය පාසල් ගුරුවරයා මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කන්තලේ වෙන්ඩ්‍රාසන්පුර ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන දෙහිවත්ත පාසලේ ඉගැන්වීමේ කටයුතුවල නියැලී සිට ඇතැයි පොලිසිය කියයි.
ටිපර් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණ යතුරුපැදියේ ගැටී ඇති අතර ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කන්තලේ රෝහලට රැගෙන විත් ඇති අතර සුරියපුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd