(දයාරත්න ඇඹෝගම)
රත්මල්ගහවැව,හොරොව්පොතාන මාර්ගයේ කිරලාගල වංගුවේදි සිදුවු යතුරු පැදි අනතුරකින් 19 හැවිරිදි පාසල් සිසුවෙකු අද (27) මියගිය බව හොරොව්පොතාන පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ හොරොව්පොතාන, මැදවච්චිය හන්දියේ පදිංචිව සිටි චිත්‍රානන්දගේ මලිදු කාවින්ද චිත්‍රානන්ද(19)නැමති පාසල් සිසුවෙකි.
මෙම සිසුවා අද (27)දින රත්මල්ගහවැව හොරොව්පොතාන මාර්ගයේ සිය යතුරු පැදියෙන් ගමන් ගනිමින් සිටියදි කිරලාගල වංගුවේදි යතුරු පැදියේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කාණුවක හිස ගැටි බරපතල තුවාල ලැබු බව පොලිසිය කියයි.
මෙම අනතුරින් පසුව මෙම සිසුවා හොරොව්පොතාන රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව එහිදි මිය ගොස් තිබේ.
COMMENTS
සිය යතුරු පැදිය පාලනය කරගැනීමට නොහැකිවීම කණගාටුවට කරුණකි.. අර සංදීප් වගේ අනුන්ගේ කෙනෙක් නම් සමාවක් දෙන්න තිබුණා.
දෙමව්පියනි, තවතවත් ඔබේ දරුවන් මිනීමරු මෝටර් බයිසිකල් ඉල්ලනකොට කිසිම බයක් නැතිව අරන් දෙනවනේ... මොලයක් තියෙනවා නම්, දරුවන්ට ආදරයක් තියෙනවා නම් මේ මෝටර් බයිසිකල් අරන් දෙන්න එපා දරුවන්ට... ලංකාවේ මාර්ගවල නීති පිළිපදින්නේ නැහැ.. අපේ ගොඩක් රියදුරන්.. පාලකයින්, පොලිසි නිදි... රටේ වටිනා ජීවිත නැතිවෙනවා...