(සුමතිපාල දීයගහගේ)
අහංගම ගොවියාපානේ දී අද (11) යතුරුපැදියක් පෞද්ගලික බස් රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු මිය ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ කේ ජී රසික සම්පත් නැමැති 26 හැවිරිදි අයෙකි.
මාතර දෙස සිට යතුරුපැදිකරු ගාල්ල දෙසට යතුරුපැදිය ධාවනය කරමින් සිටින විට යාපනයේ සිට තංගල්ල බලා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයේ හැපීමෙන් අනතුර සිදුව තිබේ.
අනතුර සිදුකළ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd