
(ක.ග. කරුණාරත්න)
බකමූණ පොලිස් වසමට අයත් ඇලහැර,අතරගල්ලෑව ප්‍රදේශයේදී තරුණයෝ දෙදෙනෙක් ගමන් ගත් යතුරු පැදියක් ගවයෙකුගේ ඇඟේ හැපීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවන 19 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව අද (27) මියගිය බව බකමූණ පොලීසිය කියයි.
එම අනතුරින් මිය ගොස් ඇත්තේ ලග්ගල, දේවාලදෙණිය, තෝරපිටිය, ගම්මාන අංක 2 පදිංචිව සිටි ඉලුක්කුඹුරේ අලුත්ගෙදර යසිරු ලක්මාල් ජයතිලක (19) යන අයයි.
යතුරු පැදිය අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ අනෙක් 19 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මොවුන් ගමන් ගත් යතුරු පැදිය ඇලැහැර,පොල්අතුවාඩිය ප්‍රදේශයේදී ගවයෙකුගේ ඇඟේ හැපී අනතුරට ලක්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd