(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජයරත්න වික්‍රමආරච්චි)
නිවාඩු ලබා යතුරුපැදියෙන් නිවස බලා ගමන් කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු වන අලි ප්‍රහාරයකට ලක්ව පුත්තලම මුලික රෝහලට ඇතුළත් කළ බව කරුවලගස්වැව පොලිසිය පවසයි.
මෙසේ වන අලි ප්‍රහාරයකට ලක්වී ඇත්තේ කළුතර ප්‍රදේශයේ පොලිස්ථානයක රාජකාරි කරමින් සිට යාපනය කයිට්ස් ප්‍රදේශයේ නිවසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි පොලිස් කොස්තාපල් 91891 ශෂීරාම් ( 25 ) නැමති නිළධාරියකු බව කියයි .
පොලිස් කොස්තාපල්වරයා රාජකාරි නිවාඩු ලබා යාපනය බලා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී කරුවලගස්වැව 12 කනුව ප්‍රදේශයේදී මාර්ගය මාරු වෙමින් සිටි වල් අලියකුගේ ඇගේ ගැටීමෙන් තුවාල ලබා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.