IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මොරගහකන්ද-කළුගඟ ජලාශ වලින් යටවූ රජයේ ගොඩනැගිලි ද්‍රව්‍ය හොරකම් කරන කල්ලියක්

(කාංචන කුමාර ආරියදාස)
මොරගහකන්ද ජලාශය ඉදිකිරීම  සඳහා  පවරාගත් ඉඩම් වල පැවති රජයේ ගොඩනැගිලිවල තිබූ ගොඩනැගිලි ද්‍රව්‍ය  සංවිධානාත්මක පිරිසක්  විසින් සොරකම්  කරගෙනයාමේ සිද්ධින් පිළිබඳව කිහිප වරක්  තොරතුරු ලැබී ඇතැයි මොරගහකන්ද-කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ   වැඩබලන  ව්‍යාපෘති අධ්‍යක්ෂක මහින්ද ජයසිංහ මහතා පැවසීය.

නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කෝන්ගහවෙල ප්‍රදේශයේ  පිහිටා තිබූ ගොවිජන සේවා මධ්‍යස්ථාන, රෝහල්  ගොඩනැගිලි,  රෝහල් නේවාසික ගොඩනැගිලි ආදී  ගොඩනැඟිලි රැසක ලී දඬු, ජනෙල්,  උළුවහු ඇස්බැස්ටෝස් සීට්,  උලු මෙන්ම ඒවායේ තිබූ විවිධ  ද්‍රව්‍යද මේ වන විට එම පිරිස් විසින් සොරකම්කරගෙන ගොස්  ඇත.
 
මෙම වටිනා ගොඩනැගිලි ද්‍රව්‍ය  තවත් සමාජ සත්කාරයන් සහ රජයේ ඉදිකිරීම් සඳහා යොදාගැනීමට හැකි ඒවා බවත් මේවා දැනටමත් ඉතිරිවී තිබෙන ටික හෝ ආරක්ෂා කර පොදු මහජනතාවගේ සුබ සිද්ධිය සඳහා යොදා ගැනීමට හැකියාව තිබෙන  බව ගැමියෝ පෙන්වා  දෙති.
 
 අතහැර දැමූ ගොඩනැගිලිවල වටිනා ද්‍රව්‍ය ඉවත් කරගන්නා  ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් දැනුම් දී ඇතත් අදාල ආයතන මගින් ඒවා  මෙතෙක් සිදු  කර නැති බවද  මහවැලි නිලධාරීහු සඳහන් කරති.
 
කෝන්ගහවෙල ප්‍රදේශයේ රෝහලේ සහ වෛද්‍ය නේවාසිකාගාරවල කොටස් රාශියක්  යම් පිරිසක් විසින් ගලවාගෙන ගොස් ඇති අයුරු දකින්නට තිබේ.  
 
මේ පිළිබඳව  මොරගහකන්ද හා  කලුගග  ජලාශ ව්‍යාපෘතියේ  වැඩබලන  ව්‍යාපෘති අධ්‍යක්ෂක මහින්ද ජයසිංහ මහතාගෙන් විමසීමේදී කියා සිටියේ මෙම ගොඩනැගිලි ද්‍රව්‍ය කඩිනමින් ඉවත් කිරීමට  අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙන බවයි.  එසේම අදාළ අමාත්‍යාංශ සහ රජයේ නිලධාරීන් විසින් රැගෙන නොයන්නේ නම් මහවැලි නිලධාරීන් යොදවා ඒවා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
 



අදහස් (1)

මොරගහකන්ද-කළුගඟ ජලාශ වලින් යටවූ රජයේ ගොඩනැගිලි ද්‍රව්‍ය හොරකම් කරන කල්ලියක්

sharm warn Friday, 15 November 2019 07:05 AM

මේවා එක රැයකින් සිදුවුණ දේවල් කියල කවුරු හරි හිතනව නම් එයා තමයි ලෝකේ ඉන්න හොදම බුරුවා. මේ නිලධාරීන්ගේ වගකීම් මොනවද ? මහජන දේපොළ හොරකම් කරන අය තමයි පස්සේ පළාත් පාලන ආයතන වලට මන්ත්‍රීලා වෙලා එන්නෙත්. මොකද හොරකම ඒ අයගේ ජිවන අංගයක්නේ. අපි මේවා බලාගෙන ඉන්න ඕන. මොකද රටේ නීතියක් නැහැනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site