(සනත් ගමගේ)
නීතිවිරෝධී ලෙස මුහුදු හක්බෙල්ලන් විශේෂ කිහිපයක් ළඟ තබා ගෙන සිටි හම්බන්තොට බැරක්ක වීදියේ පුද්ගලයෙකු වනජීවී නිලධාරීන් අද (10) අත්අඩංගුවට ගත් බව හම්බන්තොට වනජීවී කාර්යාලය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට බැරක් වීදියේ පදිංචිකරුවෙකි. විසිතුරු භාණ්ඩ අලෙවි කිරීම සඳහා මෙම පුද්ගලයා බලපත්‍රයක් ලබා ගෙන තිබුණද ඔහුගේ නිවසේ තිබී විශේෂ මුහුදු හක්බෙල්ලන් කිහිපයක් හමු වූ බව පොලිසිය පවසයි.
වනසත්ව හා තුරුලතා ආඥාපනත යටතේ වඳ වී යන සත්ව කොට්ඨාසයට අයත් දැඩි ආරක්ෂිත මුහුදු හක්බෙල්ලන් විශේෂ වන ලංකා බෙල්ලා, මියුරෙක්ස් සහ මකුථ බෙල්ලා ආදී බෙල්ලන් සැකකරු සතුව තිබී හම්බන්තොට වනජීවී නිලධාරීන් භාරයට ගෙන ඇත.
හම්බන්තොට, කිරින්ද, බූන්දල යන මුහුදු සීමාවලදී මෙම හක්බෙල්ලන් අල්ලා ගෙන ඇති බව තොරතුරු හෙළි වී ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
අත්අඩංගුවට ගත් සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් වරයා හමුවට (10) ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.