(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නීති විරෝධි අයුරින් මුහුදු සීමාව උල්ලංඝනය කර මසුන් මැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ධීවරයින් අට දෙනෙකුට එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් ලක්ෂ අසුවක ඇප මුදලක් නියම කර ඇප මත මුදා හැරිමට කොළඹ අංක 05 අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් වයි.ඩි.ආර්.නෙළුම්දෙනිය මහතා අද (29) නියෝග කළේය.
මෙසේ ඇප මත මුද හැරුණේ හලාවත තොඩුවාව ප්‍රදේශයේ පදිංචි ධීවරයින් අට දෙනෙකුට වන අතර මොවුන් ඔක්තෝම්බර් 14 දින බහුදින ධීවර යාත්‍රාවකින් මීගමුව පිටිපනින් මුහුදු ගොස් තිබේ.
මෙම ධීවරයින් ගමන් ගත් යාත්‍රාව නීති විරෝධි ආකාරයට මුහුදු සීමාවන් උල්ලංඝනය කරමින් මාලදිවයිනට සැතපුම් 400 ක් උතුරින් මසුන් ඇල්ලීමේ නිරත වී ඇත.
අදාල යාත්‍රාවේ ලොග් සටහන් නොතිබීම හා යාත්‍රා අධීක්ෂණ උපකරණ හිතා මතාම ක්‍රියාවිරහිත කර තිබීම සිදු කර ඇති බව ධීවර දෙපාර්තුමේන්තුවේ විමර්ශන ඒකකය පවසයි.
මෙම බහුදින යාත්‍රාව මසුන් මරා 28 දින නැවත දෙහිඕවිටින් ගොඩබීමට පැමිණීමත් සමඟ නාවික හමුදා නිලධාරීන්ගේ ආධාරයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඊයේ (28) රාත්‍රීයේ අත් අඩංගුවට ගෙන වෙරළ ආරක්ෂක දෙපාර්මේන්තුව භාරදී තිබුණි.
අදාල සැකකරුන් අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකර්ණයට ඉදිරිපත් කර ඇත.
එම ධීවරයින් පිරිස ඇල්ලූ කිලෝ 5000 කට අසන්න මසුන් තොගය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීටද මහේස්ත්‍රාත්වරයා අද නියෝගය කළේය.
2025 නොවැම්බර් මස 21
108
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
195
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මුහුදු සීමාව උල්ලංඝනය කර මසුන් ඇල්ලූ ධීවරයින් 8 කට ඇප