(ප්‍රසාද් මුතුකුඩ)
රුපියල් කෝටියකට වඩා වටිනා මුහුදු අශ්වයින් සහ මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 39 ග්‍රෑම් 330 නීති විරෝධිව සන්තකයේ තබා ගනිමින් සහ එයින් කිලෝ 5 තේ කුඩු අඩංගු ඇසුරුම් ලෙස අධිවේගි ගුවන් තැපැල් මගින් චීනයට යැවීම උත්සහ කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව මීගමුව පොලීසිය පවසයි .
මෙලෙස අත්අඩංගුවට පත්වු චීන ජාතිකයා 27 වියැත්තෙකි.
මොහු මීගමුව තැපැල් ස්ථානයට පැමිණ ගුවන් තැපැල් භාණ්ඩයක් ලෙස මුහුදු අශ්වයින් සහ මුහුදු කූඩැල්ලන් අඩංගු පාර්සලය තේ කුඩු යැයි සදහන් කර චීනයට යැවිමට උත්සහ කර තිබු අවස්ථාවේදි මීගමුව වැඩ බලන තැපැල් ස්ථානාධිපති කේ.කේ.ජි තන්තිගේ මහතාට ලද සැකය මත සිදු කළ පරීක්ෂාවකදී මෙම මුහුදු කූඩැල්ලන් තොගය හමු වී තිබේ.
මොහු කලක සිට විවිධ ක්‍රම භාවිතා කරමින් විදේශ රටවලට වියලන ලද මුහුදු අශ්වයින් සහ මුහුදු කූඩැල්ලන් යැවීමේ ජාවාරම නියැලි සිටි බවට කරන ලද මූලික පරික්ෂණයේදි හෙළි වු බව පොලීසිය කියයි.



2025 නොවැම්බර් මස 17
93
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
934
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මුහුදු අශ්වයින්- කූඩැල්ලන් සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට