(ඔගස්ටින් ප්‍රනාන්දු)
ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් මුහුණුපොතෙහි පළකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි සිටි ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ පනහ බැගින් ශරීර ඇප තුනක් මත මුදාහැරි හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා වැඩිදුර නඩු විභාගය ලබන වසරේ මාර්තු මස 6 වන දින කැඳවීමට අද (19) නියම කළේය.
තවද සැකකරුට විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරයා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය බාරයේ තබා ගැනීමට නියම කළේය.
හලාවත තේක්ක වත්ත ප්‍රදේශයේ පදිංචි හලාවත කඩ විදියේ රෙදිපිලි වෙළද ආයතනයක් පවත්වා ගෙන යන අබ්දුල් හමීඩ් මොහොමඩ් හස්වර් (35) නමැති අයව ඇප මත මුදාහැරිණි.
හලාවත නගරයේ දි ඉකුත් මැයි (12) දහවල් ඇතිවු කලබලකාරි වතාවරණය නිර්මාණය වුයේ සැකකරු විසින් මුහුණ පොතකට එක් කර තිබු සටහනක් පදනම් කර ගෙන බවත් ඒ අනුව සැකකරු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය සදහන් කර තිබුණි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතේ හා හදිසි නිති රෙගුලාසි යටතේ සැකකරුට විරුද්ධව චෝදනා නගා තිබුණි.
සැකකරුට එරෙහිව පැමිණිල්ල හලාවත පොලිසිය ඉදිරිපත් කළ අතර සැකකරු වෙනුවෙන් නීතිඥ පායිස් සාලි, නීතිඥ මොහොමඩ් නලින්, නීතිඥ දිලාන් සේනාරත්න යන මහත්වරු පෙනී සිටියහ.
2025 දෙසැම්බර් මස 04
621
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
525
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුහුණු පොතේ සටහනකට රිමාන්ඩ් කර සිටි සැකකරුට ඇප