(ඔගස්ටින් ප්‍රනාන්දු)
 
ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් මුහුණු පොතෙහි පළ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි සිටි සැකකරුවකු තවදුරටත් ජුනි මස 7 වන දින දක්වා බන්ධනාගාර ගත කිරීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද(24) නියම කළේය.

සැකකරු හලාවත තේක්කවත්ත පදිංචි අබ්දුල් හමීඩ් මොහොමඩ් හස්වර් 35 නමැති 35 හැවිරිදි පුද්ගලයෙකි. 

හලාවත නගරයේ ඉකුත් 12 දා  දහවල් ඇතිවූ කලබලකාරී වතාවරණය නිර්මාණය වූයේ සැකකරු විසින් මුහුණපොතට එක් කර තිබූ සටහන බවත් ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කර තිබුණි.  

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ හා හදිසි නිති රෙගුලාසි යටතේ සැකකරුට විරුද්ධව චෝදනා නගා තිබුණි. 

සැකකරුට එරෙහිව හලාවත පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ සැරයන් රංජිත් මහතාපෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් හලාවත අධිකරණයේ කිසිදු නීතිඥවරයෙකු පෙනී සිටියේ නැත