(රෝවන් පෙරේරා)
අණ නොතකා ධාවනය කළ නවීන පන්නයේ මෝටර් රථයක් පසු පස හඹා ගිය කරුවලගස්වැව පොලීසියට කාර් රථය සහා එහි තිබූ මුව මස් කිලෝ 30 පමණ ප්‍රමාණයක් රියදුරු සමඟ අද( 21 ) පෙරවරුවේ අත් අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
බුද්ධිදසුන්ගම ප්‍රදේශයේ සිට තබ්බෝව අභය භූමියෙන් දඬයම් කර මුවමස් ප්‍රවාහනය කරන බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරු කාර් රථය බොරපතාව ප්‍රදේශයේ කැලයක් මැදින් ධාවනය කිරීමට යාමේදී මාර්ගය අවසන්වීම හේතුවෙන් පලායාමට නොහැකිවී ඇති අතර කාර් රථයේ සිටී දෙදෙනකු කැලයට පැන පලාගිය බව පොලීසිය පැවසීය.
අත් අඩංගුවට ගත් රියදුරු සහා ඔහුගේ බිරිඳ දරුවාද කාර් රථයේ සිටී බව පොලීසිය පැවසීය.
තබ්බෝව අභය භූමියෙන් දඬයම් කරන සතුන්ගේ මස් විශාල මිල ගණන් වලට වෙන්නප්පුව ප්‍රදේශයට අලවි කරන බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.
සැකකරු විදේශීය රටක නැවක සේවය කරමින් සිට ලංකාවට පැමිණ කොරෝනා වසංගතය නිසා නැවත විදෙස් ගතවීමට නොහැකිව තබ්බෝව අටේ කණුව ප්‍රදේශයේ පදිංචිව සිටින පුද්ගලයෙකි.
සැකකරු කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මංත්‍රිවරියකගේ පුතෙකු බවට පොලීස් පරික්ෂණ වලදී තහවුරු වී ඇත.
2025 දෙසැම්බර් මස 18
202
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුව මස්තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට