(රොමේෂ් මධුෂංඛ)
මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, මුත්තියාන්කට්ටු ප්‍රදේශයේදී රාත්‍රියේ ත්‍රිරෝද රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ළමුන් 05 දෙනෙකු ඇතුළු 07 දෙනෙකු තුවාල ලබා ඇති බව ඔඩ්ඩුසුඩාන් පොලීසිය පවසයි.
මුත්තියන්කඩ්ඩු ප්‍රදේශයේ උපකාර පංතියක් නිමවී දරුවන් රැගෙන ගිය ත්‍රිරෝද රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම පිරිස තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් දරුවන් සිව්දෙනෙකු හා යතුරුපැදියේ ගමන්ගත් දරුවෙකු ඇතුළු දරුවන් පස් දෙනෙකුද තුවාල ලබා ඇති බවද පොලිසිය පැවසීය.
යතුරු පැදියේ ගමන්ගත් දරුවාගේ තත්වය බරපතල වන අතර අනෙක් පිරිස සුළු තුවාල ලබා ඇති බවට තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් මුලතිව් රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරට හේතුව මෙතෙක් හෙළි වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔඩ්ඩුසුඩාන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd