(ඔගස්ටින් ප්‍රනාන්දු)
මාදම්පේ ඉරට්ටකුලමේ පිහිටි නිවසකින් විදේශ මුදල් හා රන් ආභරණ සොරකම් කර එහි තිබූ බැංකු කාඩ්පතකින් තම බිරිඳට හා දරුවාට ඇඳුම් මිලට ගත් සැකකරුවකු අද (9) අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී බැංකු කාඩ්පත සොරා ගත් විදේශ මුදල්, රන් ආභරණ, මිලට ගත් රෙදිපිළි පොලිස් බාරයට ගැණිනි.
මාදම්පේ ප්‍රදේශයේ පල්ලියක පියතුමකු විසින් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව බැංකු කාඩ්පතින් රෙදිපිළි ගත් වෙළඳ ආයතනයේ ඇති සිසිටිවි දර්ශන පරික්ෂා කර බලා සැකකරු හඳුනාගෙන තිබේ.
ඒ අනුව සැකකරු අද ත්‍රිවිල් රථයකින් ගමන් කරමින් සිටියදී වෙන්නප්පුවේ දී අත්අඩංගුවට ගැණිනි.
සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර පරීක්ෂන පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.