IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මුදල් වංචා කළ අයෙක් රිමාන්ඩ්

 (කවිතා සුබසිංහ) 

සේවකයකු වශයෙන් සිට ප්‍රිස්කා නැමති  ආයතනයක රුපියල් 470,720 ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කර වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කළ අයකු ලබන 13 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (6) නියම කළේය.
 
නිශ්ශංක පෙරේරා නැමති අයකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
 
ප්‍රිස්කා ආයතයේ මුදල් අයකැමි වශයෙන් සේවය කර ඇති මෙම තැනැත්තා ආයනයේ මුදල් නිසි පරිදි අදාළ නිලධාරීන් වෙත ලබා දීමට කටයුතු නොකර  පලා ගොස් ඇති බවත් පසුව කිරිබත්ගොඩ පොලිසිය වෙත ලැබුණු තොරතුරක් මත රාගම ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය අධිකරණයේ දී පැවසීය.
 
කිරිබත්ගොඩ පොලිසියේ පොලිස් සැරයන් 27909 අරුණ කුමාර නිලධාරියා හා  පොලිස් කොස්තාපල් 90521 ගුණසිංහ යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවූහ.
 



අදහස් (0)

මුදල් වංචා කළ අයෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site