IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මුතුරාජවෙල කුණු විසට අවට ජලජ ජීවීහු මියයති

(බිඟුන් මේනක ගමගේ) 

අරුවක්කාලුවට කුණු බැහැරකිරිම නවතා දැමීමට තීරණය කිරිමත් සමග විකල්ප ස්ථානයක් ලෙස මුතුරාජවෙල යොදාගැනීමෙන් හැමිල්ටන් ඇල දූෂණය වී එහි ජලජ ජීවීන් හා මසුන් විශාල පරිමාණයෙන් මියගොස් ඇතැයි තෙත්බිම් උරුමය සංවිධානය චෝදනා කරයි. 

ආගමික නායකයන් හා මුතුරාජවෙල අභය භූමිය සුරැකීමේ සංවිධානය එක්ව කුණු දැමීමට එරෙහිව ගොනුකළ නඩුවක් අනුව කුණු දැමීම නවතාදමන ලෙස අධිකරණ තීන්දුවක් දුන්නේ යැයි ද මේ වනවිට අදාළ අධිකරණ නියෝගය ද නොතකා හරිමින් මෙම කුණු දැමීම සිදුකරන්නේ යැයි ද එහි ලේකම් කැලුම් තුෂාර මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.

මේ නිසා හැමිල්ටන් ඇල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි ද අවට ප්‍රදේශය පුරා අධික දුගදක් පැතිර යමින් ප්‍රදේශවාසීන් ස්වසන අපහසුතාවලට පවා ලක්ව ඇතැයි ද තුෂාර මහතා පැවැසීය.

මෙම තත්ත්වය මත රටෙහි පවතින පරිසර නීති පද්ධතිය මෙන්ම එම නීති සම්පාදනය කිරිමට මෙන්ම ක්‍රියාත්මක කිරිම සදහා මහජන මුදලින් ආයතන පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය කුමක්දැයි ගැටලුවක් මතුවන්නේ යැයි තුෂාර මහතා කීය.

ජාතික පාරිසරික පනත අනුව මෙලෙස ජලමාර්ග වෙත සහ තෙත්බිම මතට කැලිකසල බැහැර කිරිම නීති විරෝධී වුවත් එම විනාශය රාජ්‍ය මට්ටමින්ම සිදුවීම කනගාටුවට කරුණකැයි ද තුෂාර මහතා අවධාරණය කළේය.

එබැවින් මෙම විනාශය පිළිබඳව හොදින් සොයාබලා ඊට එරෙහිව කඩිනම් පියවරක් ගන්නැයි රජයේ බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ඒ මහතා කීය.



අදහස් (0)

මුතුරාජවෙල කුණු විසට අවට ජලජ ජීවීහු මියයති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site