(කේ බුද්ධික කුමාරසිරි )
නවීන මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු විසින් බැංකුවට බැරකිරීම සදහා මුදල් රැගෙන යමින් සිටි ව්‍යාපාරිකයෙකුගේ යතුරුපැදිය මීගොඩ ආටිගල පාරේ දී හරස් කර අද (08) උදෑසන ලක්ෂ පහකට ආසන්න මුදලක් කොල්ල කා පලා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
අදාල ව්‍යාපාරිකයා සීට්ටු මගින් භාණ්ඩ අලෙවි කිරීමේ නිරත වන අයෙකු බවත් ඔහු පවසන පරිදි දින කිහිපයක් නිවසේ එකතු වූ මුදල් බැංකු ගත කිරීමට යතුරුපැදියෙන් යමින් සිටියදී එම යතුරුපැදිය හරස්කර මෝටර් රථයක් නවත්වා එයින් බැස පැමිනි පුද්ගලයින් පස් දෙනෙකු විසින් තම අත තිබූ රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදල කොල්ල කා පලා ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් සැක සහිත කරුණු ගණනාවක් ඇති බැවින් අදාල කොල්ලය සිදු වූ බව කියන ප‍්‍රදේශයේ සවි කර ඇති ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමටත් අදාළ ව්‍යාපාරිකයාගේ සාක්ෂි මත වැඩි ටිරටත් පරීක්ෂණ කටයුතු සිදු කරන බවද මීගොඩ පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.