
( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී අජිත් තිලකරත්න මහතාගේ නිවසට අද( 29) කිසියම් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් පිපුරුමක් සිදුවී ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි
මන්ත්‍රීවරයාගේ නිවසේ ඉදිරිපස කොටසේ මෙම පිපුරුම සිදු වී ඇත .කිසියම් පිපුරුම් ද්‍රව්‍ය අඩංගු බෝතලයකින් පහර දීමෙන් මෙම පිපිරීම වී ඇතැයි පොලිසිය සැක කරයි .
බල්බයක් පුපුරා යන හඬක් තමන්ට ඇසුණු බවත් උදේ අවදි වී බලද්දී බෝතලයක් කැඩී බිඳී කිසියම් ද්‍රව්‍යයක් අවට විසිරී තිබෙනු දැක සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කළ බව හිටපු මන්ත්‍රීවරයා පැවසීය.
අපරාධ ස්ථාන පරීක්ෂක පොලිස් නිලධාරීන් ද පැමිණ සිද්ධිය වූ ස්ථානය දැඩි නිරීක්ෂණයට ලක් කර පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය කොටස් ලබා ගනු ලැබීය.
මෙම ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයා හෝ කිසිවකුටවත් නිවසටත් බරපතළ හානි වී නැතැයි ද පොලිසිය සඳහන් කරයි
2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
478
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මිරීගම ප්‍රා.ස හිටපු මන්ත්‍රීවරයකුගේ නිවසට ප්‍රහාරයක්