IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මින්නේරියේ වාන් ඇළකට ටිපර් රථයක් පෙරැළෙයි

(ඩබ්. ඒ. පියතිලක)
 
වැලි ප්‍රවාහනය  කරමින් තිබු ටිපර් රථයක් මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේ පිහිටි වාන් ඇළට පෙරළීමෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා අද(22) පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බව මින්නේරිය පොලිසිය පවසයි.
 
මින්නේරිය වැවෙන් කන්තලේ වැවට ජලය රැගෙන යන වාන් ඇළේ  ආරක්ෂක වැට ද කඩාගෙන ගිය ටිපර් රථය පෙරළී ඇත.
 
අනතුර වන අවස්ථාවේ වර්ෂා තත්වයක් පැවති බවත් ටිපර් රථ රියදුරා අධික වේගයෙන් සහ අපරීක්ෂාකාරීව රිය ධාවනය කිරීම හේතුවෙන් වේගය පලනය කරගත නොහැකිවී අනතුර සිදුව ඇති බවට පොලිසිය සැකකරයි.
 
ටිපර් රථයට ද වානට ද දැඩි අලාභහානි සිදුව ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
 
මින්නේරිය පොලිස්ථානාධිපතිගේ මෙහෙයවීමෙන්  එහි රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

මින්නේරියේ වාන් ඇළකට ටිපර් රථයක් පෙරැළෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site