IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


මැදවච්චිය රෝහලේ රුධිර කාන්දුකරණ කටයුතු අඩපණ වීමෙන් රෝගීන් අමාරුවේ

(මනුල වික්‍රම)
මැදවච්චිය ප්‍රාදේශීය රෝහලේ වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකයේ රුධිරකාන්දුකරණ කටයුතු දින හයක් තිස්සේ අඩාලවීමෙන් රෝගීහු අපහසුතාවට පත්ව සිටිති.
 
වකුගඩු රෝගීන් 36 දෙනෙකුගේ  ප්‍රතිකාර කටයුතු මේ වන විට ඇනහිට ඇති අතර  ඔවුන්ගේ ජීවිත බරපතල අවදානමකට ලක්ව ඇතැයි කියති.
 
රෝගීන් ජීවිත අවදානමින් බේරාගැනීම සහා වහාම පොළොන්නරුව හා හිඟුරක්ගොඩ රෝහල් වෙත මාරු කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇතත් තමන් එමගින්ද දැඩි අසීරුවකට පත්වන බව රෝගීහු කියති.
 
රුධිර කාන්දුකරණ යන්ත්‍රවලට පිරිපහදු ජලය  සපයන ප්‍රති ආශ්‍රැතිකරණ ජල පෙරණ යන්ත්‍රය අක්‍රියවීමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව රෝහල් බලධාරීහු පවසති.
 
උතුරු මැද පළාතේ වැඩිම වකුගඩු රෝගීන් පිරිසක් වාර්තාවන ප්‍රදේශයක් ලෙස  මැදවච්චිය කේන්ද්‍රකරගත් මෙම වකුගඩු ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක රෝගීන්ට සායන මගින් හා රුධිර කාන්දුකරණ ඒකකය මගින් ප්‍රතිකාර ලබා දේ.

මෙම වකුගඩු ප්‍රතිකාර ඒකකයේ රුධිර කාන්දුකරණ යන්ත්‍ර 6ක් හා ඇඳන් 6ක් ස්ථාපිත කර ඇති අතර  ඉන් එක්වරකට රෝගීන් 6 දෙනෙකු බැගින් දිනකට  18 දෙනෙකුට රුධිර කාන්දුකරණය සිදුකෙරේ.ඇතැම් රෝගීන් දින දෙකකට වරක් රැධිර කාන්දුකරණයට යොදවනු ලබයි.
 
පසුගිය සිකුරාදා(16) සිට ජල පෙරණ යන්ත්‍ර අක්‍රියවුවත් ඒවා නඩත්තු කරන සමාගම අලුත්වැඩියාව නොකිරීම හේතුවෙන් රුධිර කාන්දුකරණය නවතා දැමීමට රෝහල් බලධාරීන්ට සිදුවතිබේ.
 
මෙහි දි රුධිර කාන්දුකරණයට ලක්කරන    වකුගඩු රෝගීන් 36 දෙනාගේ ජීවිත අවදානමක පත්ව ඇති නිසා ඔවුන් පොලොන්නරුව හා හිඟුරක්ගොඩ රෝහල් වෙත යවා රුධිර කාන්දුකරණය කර නැවත මැදවච්චිය රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති නමුත් මෙම තත්ත්තව ද තමන්ට දැඩි අසීරුවක් හා ජීවිත අවදානමක් ගෙන දෙන්නක් බව එහි දී හමුවූ රොගීහු කියා සිටිති.
 
රුධිර කාන්දුකරණය දින ගණනක් ප්‍රමාදවීමෙන් සංකූලතා ඇති වූ රෝගීන් වේදනාවෙනක් කැගසමින් පොළොන්නරුව බලා යාමට අවස්ථාන එන තුරු රැඳී සිටිනු මීට පැයකට පමණ පෙර දක්නට ලැබුණි.
 
මේ සම්බන්ධයෙන් මැදවච්චිය දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී පුබුදු සම්පත් රණවීර මහතාගෙන් කළ විමසීමේ දී ඒ මහතා සියා සිටියේ කඩිනමින් රොගීන් පොලොන්නරුව හා හිඟුරක්ගොඩ රෝහල් වෙත යැවීමට තමා පහසුකම් සලසමින් සිටින බවකි . පිරිපහදු යන්ත්‍රයට විසඳුමක් ලැබෙන තුරු පේරාදෙණිය රෝහලේ ඇති ජල පිරිපහදු යන්ත්‍රයක්  ලබාගැනීම සඳහා තමන්  ඉල්ලීමක් කර ඇතැයි ද ඒ මහතා සඳහන් කරයි.

 



අදහස් (0)

මැදවච්චිය රෝහලේ රුධිර කාන්දුකරණ කටයුතු අඩපණ වීමෙන් රෝගීන් අමාරුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 194 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site