(එස්. ඩි.කොඩිකාර )
සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය නොකර මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අපේක්ෂකයින් සිව් දෙනෙකුගේ නම් සඳහන් අත් පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත් පත්‍රිකා 3507 ක් සහ ඒවා ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථයක් සමඟ අද (14) අත්අඩංගුවට ගත් බව කොස්මෝදර පොලිසිය කියයි.
වෙනත් අපේක්ෂකයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු පොලිසියට කළ දැනුම්දීමක් මත කොටපොළ ඌරුබොක්ක මාර්ගයේ කොස්මෝදර ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 26 ත් -48 ත් අතර වයස් වන පසුවන වලස්ගල සහ ඌරුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.
මොවුන් කොටපොළ ඌරුබොක්ක හරහා කඹුරුපිටිය මාර්ගයේ මාවරල දෙස සිට අදාළ ත්‍රී රෝද රථයෙන් මහජනතාව නිරන්තරයෙන් ගැවසෙන ස්ථානවල මෙම අත් පත්‍රිකා මහමග දමා ජනතාවට බෙදමින් ගමන් කරමින් සිටින අතරතුර අත්අඩංගුවට ගෙන තිබුණි .
අත් පත්‍රිකා මුද්‍රණය කළ මුද්‍රණාලය අදාල අත් පත්‍රිකා වල මුද්‍රණය නොකර තිබීම සම්බන්ධයෙන් පොලිසිය කළ විමසීමකදී ඔවුන් ව්‍යාජ මුද්‍රණාලයක නම පැවසූ බව පොලිස් නිලධාරියෙකු පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් , ත්‍රීරෝද රථය සහ අත් පත්‍රිකා සමඟ මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
53
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
132
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
932
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිවරණ නීති උල්ලංඝනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට