
(ඩයනා උදයංගනී)
කොල්ලුපිටියේ පිහිටි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී ගොඩනැගිල්ලෙහි ඉරි තැලීම් හා කොටසක් ගිලා බැසීමක් සිදුව ඇතැයි පවසමින් එහි සේවකයින් අද (22) ගොඩනැගිල්ලෙන් ඉවත්ව ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කණ්ඩායමක් එහි පැමිණ පරීක්‍ෂාවක් සිදුකර ගොඩනැගිල්ල අවදානම් නොමැති බව තහවුරු කිරීමෙන් පසු යළිත් එහි සේවය කිරීමට සේවකයන් එකඟ වී තිබේ.
පෞද්ගලික ආයතනයක් විසින් ඒ ආසන්නයේ ඉදිකරමින් ඇති මහල් 30 කින් පමණ සමන්විත ගොඩනැගිල්ලක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇතැයි වාර්තා වේ.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඉහළ නිලධාරියෙකුගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවසුවේ ආසන්නයේ සිදුවන ඉදිකිරීමක් හේතුවෙන් ටික දිනක සිට අධිකාරී ගොඩනැගිල්ල පුපුරා ඉරිතලා ගොස් ඇති බවයි.
එමෙන්ම එහි ජල හා විදුලි කාන්දුවීම් සිදුවන බව ද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් පොලීසිය, උසාවිය ඇතුළු සියලු බලධාරීන්ට දැනුම් දී ඇතැයි කී එම නිලධාරියා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ඉංජිනේරුවන් කණ්ඩායමක් ද පැමිණ මෙය නිරීක්‍ෂණය කළ බව කීවේය.
මහනුවර දී පසුගියදා ඇති වූ සිද්ධිය නිසා මේ වන විට මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ සේවකයන් දැඩි බියකින් කටයුතු කරන බවත්, ඔවුන් ගොඩනැගිල්ලෙන් ඉවත් වූයේ එම බිය නිසා බවත් ඔහු කීවේය.
මෙම ස්ථානයේ පරීක්‍ෂාවට පැමිණි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ තාක්‍ෂණික ඉංජිනේරු අංශයේ අධ්‍යක්‍ෂ කේ.එන් බණ්ඩාර මහතා පැවසුවේ ඒ ආසන්නයේ ඉදිකෙරෙන උස් ගොඩනැගිල්ලක පොළව යටට ඉදිකෙරෙන මහල් කිහිපයක් සඳහා පොළව හෑරීමේදී ආරක්ෂාවට බැඳ ඇති බැම්මෙහි දුර්වලතාවයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවයි.
ඉදිරියේදී මෙහි අවදානම් තත්ත්වයක් මතුවන්නේ ද යන්න ගැන නිරන්තරයෙන් පරීක්‍ෂා කරන බව කී ඒ මහතා ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ආසන්න ගොඩනැගිල්ල ඉදිකරන පාර්ශවයන්ට උපදෙස් දී ඇතැයි ද කීවේය.
2025 දෙසැම්බර් මස 04
258
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
400
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
387
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී සේවකයෝ එම ගොඩනැගිල්ලෙන් ඉවත් වෙති