(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මැණික් ව්‍යාපාරිකයකු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 82ක් වටිනා මැණික් ගල් සොරාගත් පුද්ගලයකු පානදුර වත්තල්පොල ප්‍රදේශයේදී එම මැණික් ගල් තොගය සමග පැය 6ක් ඇතුළතදී අත්අඩංගුවට ගත්බව බම්බලපිටිය පොලීසිය කියයි.
බේරුවල පදිංචි මැණික් ව්‍යාපාරිකයා මැණික් තොගය විකිණීම සඳහා කොළඹට බස් රථයකින් රැගෙන එමින් සිටියදී එකම අසුනේ සිටි සැකකරු මෙම සොරකම සිදුකරන්නට ඇතැයි පොලිස් නිලධාරියකු පැවසීය.
විවිධ වර්ගවල මැණික් ගල් 19ක් සැකකරු සොරාගෙන තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd