IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මාමා ඝාතනය කළ බෑනා පෝරකයට

(රොහාන් කුමාර දිසානායක)
 
තම මාමණ්ඩියට කිරිච්චියකින් 13වරක් ඇන ඝාතනය කළ පුද්ගලයකුට කෑගල්ල මහ අධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා අද (06) මරණ දඬුවම ලබාදීමට නියෝග කළේය.

මරණදඩුවම නියම කෙරුණේ නිකපිටිය බුලත්කොහුපිටිය පදිංචි පතිරැන්නැහැලාගේ නිමල් වීරසිංහ නැමති 55 හැවිරිදි දෙදරු පියෙකි.
 
සිද්ධියෙන් පසුව මේ වනතෙක් බිරිඳ අතුරුදන්ව ඇති අතර දරුවන් දෙදෙනා ඥාතීන් විසින් හදාවඩාගෙන ඇත.

පෞද්ගලික ආරවුලකට මාමණ්ඩිය සමග බහින්බස් වීමකින් සැකකරු මෙම ඝාතනය කර ඇත.
 
තුවාලකරු කැගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර බෑනා අත්අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලගු නොවන විභාගයක් පවත්වා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි.

නීතිපතිවරයා විසින් සැකකරුට විරුද්ධව අධි චෝදනා ගොනුකර කෑගල්ල මහ අධිකරණයේ නඩු පවරණු ලැබිණි. දීර්ඝ නඩු විභාගයකින් පසුව කෑගල්ල මහ අධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඉදිරිපත් වූ සාක්ෂි අනුව විත්තිකරුට මරණදඬුවම නියම කළේය.
 



අදහස් (0)

මාමා ඝාතනය කළ බෑනා පෝරකයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 80 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site