(ඩී.ජී.සුගතපාල)
පොල්ලකින් පහර දී මාමණ්ඩිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ බෑණාට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. පී. එස්. නිස්සංක මහතා අද(13) මරණ දණ්ඩනය නියම කර, අධිකරණය මගහැර සිටින විත්තිකරු අත් අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු ද නිකුත් කළේය.
මෙසේ මරණ දණ්ඩනය නියම වූයේ බෙලිඅත්ත ඉහළ බෙලිගල්ලේ නිහාල් රංජිත් දොන් ෆ්‍රැන්සිස්කු නමැති විත්තිකරුවෙකුටය.
නාගොඩ පොලිස් වසමේ මාපලගමදි 2000 ජනවාරි 5වන දින හේනගොඩ විතානාච්චි පියසේන නමැති 55 හැවිරිදි තිදරු පියාට පොල්ලකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තකරුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබිණි.
මියගිය අය විත්තිකරුගේ මාමණ්ඩිය බවත්, බිරිඳට දරුවෙකු ලැබීමට සිටි බැවින් මහ ගෙදරට පැමිණ සිටියදී විත්තිකරු බීමත්ව පැමිණ බිරිඳට නිවසට යාමට කතාකර ඇති බවත්, එම අවස්ථාවේ සිදු වූ බහින් බස්වීමකදි විත්තිකරු බිරිඳගේ පියාට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය වී ඇත.
විත්තිකරු මහාධිකරණයේ ඇප ලබා ගැනීමෙන් පසු දිගටම අධිකරණය මගහැර සිටීම නිසා විත්තිකරු නොමැතිව නඩු විභාගය පවත්වා ගෙන යන ලදී.
නාගොඩ පොලිසියේ සැරයන් නන්දන ප්‍රිති කුමාර(44439) මහතා පොලිසිය වෙනුවෙන් පෙනි සිටියේය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාමා ඝාතනය කළ බෑණාට මරණ දඬුවම