IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


මානන්කට්ටිය පාසලට ගුරුවරුන් ඉල්ලා සිසුහු-මව්පියවරු විරෝධයේ

(දයාරත්න ඇඹෝගම)
 
ගලෙන්බිදුණුවැව මානන්කට්ටිය  සාරානන්ද  පාසලට දෙමළ, ගණිතය, විද්‍යාව, චිත්‍ර හා භූගෝලය විෂයන් සඳහා ගුරුවරුන් ලබාදෙන ලෙස ඉල්ලා සිසුහු සහ මව්පියවරු පිරිසක්  කැකිරාව බී 133 මාර්ගය, අමුණුකුල හන්දියෙන් හරස් කරමින් පාසල ඉදිරිපිට අද(21) උද්ඝෝෂණයක නිරත වුහ.
 
මෙම පාසලේ පළමු ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා පංති 20ක් පැවැත්වෙන අතර මුළු සිසුන්ගේ සංඛ්‍යාව 150කි. එහෙත් එම සියලු පන්ති ආවරණය කිරීම සඳහා ලබා දී ඇත්තේ ගුරුවරුන් 6දෙනෙකු පමණක් බවට දෙමාපියෝ චෝදනා කළහ.
 
මෙම ගැටළුව පිළිබඳව පාසලේ විදුහල්පති ඇතුළු දෙමාපියන් වසරකට ආසන්න කාලයක් තිස්සේ අධ්‍යාපන බලධාරින් දැනුවත් කළද ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබු බව මව්පියවරු පවසති.
 
පැය හතරකට ආසන්න කාලයක්  පැවති මෙම උද්ඝෝෂණය හේතුවෙන් මාර්ගයේ මනාගමනයට ද දැඩි බාධා එල්ලවුණි.
 
උද්ඝෝෂණය අතරතුර හොරොපොතාන සහකාර පොලිස් අධිකාරිවරයා ද එම ස්ථානයට පැමිණ අතර  සිද්ධිය සම්බන්ධයෙන් දුරකතනය ඔස්සේ ගලෙන්බිදුණුවැව කලාප අධ්‍යක්ෂිකාව සම්බන්ධ කර ප්‍රශ්නය සමතයට පත් කිරීමට උත්සහ කළ අවස්ථාවේ දෙපිරිස අතර තරමක උණුසුම්කාරී තත්ත්වයක් ද ඇති විය. හෙට(22) දෙමාපියන් හා ගලෙන්බිදුණුවැව කලාප  අධ්‍යක්ෂිකාව අතර සාකච්ඡාවක් පැවැත්වීම සඳහා අවස්ථාවක් ලබා දෙන බවට සහකාර පොලිස් අධිකාරිවරයා පොරොන්දුවීමත් සමග උද්ඝෝෂකයෝ විසිර ගියහ.
 
මේ සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගෙන් තොරතුරු විමසීම සඳහා එම කාර්යාලයට දුරකතන ඇමතුමක් ලබාගත්ත ද එහි සේවකයෙකු පවසා සිටියේ අධ්‍යක්ෂකවරිය මෙදින කාර්යාලයට නොපැමිණි බවය.



අදහස් (1)

මානන්කට්ටිය පාසලට ගුරුවරුන් ඉල්ලා සිසුහු-මව්පියවරු විරෝධයේ

Dinesh sandaruwan Wednesday, 23 September 2020 03:01 PM

දුෂ්කර පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා නිසියාකාරව පියවර ගත යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 490 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 468 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site