IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාධ්‍යවේදීයාට එල්ලවූ මැර තර්ජන හෙළා දකිමින් විරෝධතාවක්

(ප්‍රදීප් කුමාර කුලරත්න)

ඉකුත්දා පැවැති රාමසාන් උත්සවය සමරන ආකාරය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදී බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් මහතාට අටුළුගම ප්‍රදේශයේ දී සිදු වූ මැර තර්ජන හෙළා දකිමින් ප්‍රදේශයේ මහා සංඝරත්නය හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කළු පටි පැළැඳ නිහඬ විරෝධතාවක් බණ්ඩාරගම නගර මධ්‍යයේදී අද  (27) දා දහවල් සංවිධානය කර තිබුණි.

එහිදී ""මාධ්‍යයට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිමු "" මෙම ප්‍රහාරය ජනාධිපතිවරයා ගේ අවධානය පිණිසයි "අටුලුගමට වෙනම නීතියක් ද "නිදහස් මාධ්‍ය ට මරු පහරක් "මාධ්‍ය අනතුරේ "යන වැකි සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් පැයක පමණ කාලයක් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් නිහඬ විරෝධතාවයක මෙ සේ නියැලුණි .

මෙම අවස්ථාවේ දී විරෝධතාව  පැවැති ස්ථානයට කළුතර දිස්ත්‍රික් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ලේකම්වරයකු පැමිණ බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයා සමඟ ද සාකච්ඡා කොට මාධ්‍යවේදීන් හමුවට විත් මීට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනකු ප්‍රදේශයෙන් පළාගොස් පලා ගොස් ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කරන බවට පොලීසිය  තමන් වෙත සඳහන් කළ බවත් එම පරීක්ෂණ සාධාරණව හා  අපක්ෂපාතීව සිදුකිරීමට රජය පූර්ණ සහාය ලබා දෙන බවට අමාත්‍යවරයාට පැවසූ බව මෙහිදී මාධ්‍යවේදීන්ට කියා සිටියේය .

අනතුරුව පැයක පමණ කාලයක් පැවති නිහඬ විරුද්ධතාව නිමාවට පත් කළේය .

මෙම අවස්ථාවට ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ කොළඹ හා කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීහු විශාල පිරිසක්  සහභාගී වී සිටියහ



අදහස් (2)

මාධ්‍යවේදීයාට එල්ලවූ මැර තර්ජන හෙළා දකිමින් විරෝධතාවක්

Nishan Wednesday, 27 May 2020 09:39 AM

අද කාලේ තමුන් මාධ්‍යවේදීන් කියා ගන්න බොහෝ අය මාධ්‍යවේදීන් නෙවෙයි.

:       0       0

samantha Wednesday, 27 May 2020 10:31 AM

මේ අවස්ථා වලදී ඇත්තටම අපේ මාද්‍ය සගයන් සමගියෙන් කටයුතු කිරීම පැසසිය යුත්තක්. නැත්නම් මේ අන්තවාදීන් තව නොබෝ දිනකින්ම ඔවුන්ට අවාසිවන යම් දෙයක් වාර්තාකරණයට යන සියලුම මාධ්‍යවේදීන්ට තරාතිරම, ආයතනය නොබලා තලා පෙලා දැමීම නියතයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site