(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
හබරාදූව මීපෙ පදිංචි නිදහස් මාධ්‍යවේදියෙකු වන ලසන්ත විජේරත්න මහතාට සිව්දෙනෙකු පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධිය හෙළා දකිමින් අද(14) හබරාදුව බස් නැවතුම්පොළ අසළදි විරෝධතාවයක් පැවැත්විණි.
මෙම විරෝධතාවයට හබරාදුව එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක නීතීඥ තාරක නානායක්කාර මහතා ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගී වූහ. විරෝධතාකරුවෝ පැයක පමණ කාලයක් විරෝධතාවය පැවැත්වූහ.
මැතිවරණ නීති අනුව විරෝධතා පැවැත්වීම නීති විරෝධී බව පොලිසිය ඔවුන්ට පැහැදිලි කරදුන් නමුත්, විරෝධතාකරුවෝ එයින් ඉවත් නොවී එහිම රැඳී සිටියහ. මේ හේතුවෙන් ඔවුන් සහ පොලිසියව අතර උණුසුම් තත්වයක් හටගැණිනි.
එහිදී පොලිසිය විරෝධතා පුවරු සහ පෝස්ටර් විරෝධතාකරුවන්ගෙන් ලබාගෙන වහාම පිටව යන ලෙසත් නැතිනම් අත්අඩංගුවට ගන්නා බවත් පැවසූහ. ඒ අනුව විරෝධතාකරුවෝ විසිර ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd