IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මාදම්පේ කලපුව අසළ උරයක දැමූ මිනිස් ඇටකටු තොගයක්

(ඔගස්ටින් ප්‍රනාන්දු)                    

මාදම්පේ මරම්බැට්ටේ ප්‍රදේශයේ කලපුව අසල තිබී පෝර උරයක දමා තිබූ මිනිස් ඇට කටු තොගයක් අද (15) සොයා ගත් බව මාදම්පේ පොලිසිය කියයි.

කිසියම් සැකකටයුතු පෝර උරයක් කලපුව අසල කසළ ගොඩක ඇති බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බැලූවිට මෙම පෝර උරය සමඟ ඇට කටු හමුවූ බවත් පොලිසිය  සඳහන් කරයි.

මෙම පෝර උරය කිසිවකු විසින් මෙම ස්ථානයට ගෙනැවිත් දැමූ බවට පොලිසිය සැක පළකරයි.

වෛද්‍ය සිසුවෙකු සිය අධ්‍යයන කටයුතු පිණිස භාවිත කිරීමට මෙම මිනිස් ඇට කටු යොදා ගැනීමට ඇති බවට සැකයක් ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

මාදම්පේ කලපුව අසළ උරයක දැමූ මිනිස් ඇටකටු තොගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 768 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site