(මහේෂ් කීර්තිරත්න)
මහ මැතිවරණයට අදාළව මාතලේ දිස්ත්‍රික්කය තුළ අද(07) වන විට මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධින් 94ක් වාර්තා වී ඇති බව මාතලේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
මාතලේ දිස්ත්‍රික්කය තුළ බරපතල ගණයේ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවන බවත් නීතිවිරෝධි රැස්වීම්, භාණ්ඩ බෙදාදීම්, සංග්‍රහ කිරීම් ආදි සිද්ධින් වාර්තා වන බවත් අපේක්ෂකයන් සඳහා භාවිතා කිරීමට හැකි වාහන පිළිබඳව ඒ ඒ දේශපාලන පක්ෂවල අපේක්ෂකයින්ගෙන් ලබා ගත් බවත්, කාර්යාලය වෙත ලබා දි ඇති වාහනවල විස්තරවලට අදාළව ඉන් පරිබාහිරව භාවිත කරන වාහන පිළිබඳව පොලිසිය යොදා පරීක්ෂා කරන බවත් සහකාර මැතිවරණ කොමසාරිස් කුමරනි ප්‍රතාපසිංහ මෙනවිය සදහන් කළාය.
මෙම පැමිණිලි පිළිබදව විමර්ශනය කරන බවද පැමිණිලි කිහිපයක් පිළිබදව මැතිවරණ කොමිෂම වෙත වාර්තා කර ඇති බවද සහකාර කොමසාරිස්වරිය වැඩිදුරටත් පැවසුවාය. සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජාතික ජන බලවේගය ඇතුලු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින් විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
මාතලේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය දිනපතා පෙ.ව. 8.00 සිට රාත්‍රී 8.30 වන තෙක් විවෘතව තැබෙන අතර එම කාලය තුළ පැමිණිලි බාර ගැනීම හා පැමිණිලි විමර්ශන කටයුතු සිදු කෙරේ. එම විමර්ශන මධ්‍යස්ථානයට 0662233616 දුරකථන අංකය ඇමතීමෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි ය.
2025 නොවැම්බර් මස 17
73
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
902
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2530
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මාතලේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි 94ක්