IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මාතලේදී කළ මිනීමැරුමට වසර 11 කට පසු මරණ දඬුවම

(රවින්ද්‍ර විරාජ් අබයසිරි සහ මහේෂ් කීර්තිරත්න)
 
මාතලේ නගරයේ ගොංගාවෙළපොළ අසලදී 2009 වසරේදී  මාළු වෙළෙන්දෙකු මන්නා පිහියකින් කපා කොටා  ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ  සැකකරුට මරණීය දණ්ඩනය නියම කිරිමට මාතලේ මහධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා අද(20) වන දින නියෝග කළේය.
 
වර්ෂ 2009 අප්‍රේල් 27 වන දින මාතලේ නගරයේ ගොංගාවෙලපොල භූමියේ මාළු වෙළදාමේ යෙදී සිටි මජිඩ් අම්ෂාර් (55)නැමති පුද්ගලයාට මන්නා පිහියකින්, හිසේ සිට පාද දක්වා කැපුම් තුවාල 11ක් සිදු කර  ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මරණ දඬුවම නියම කෙරිණි.
 
එම සිද්ධියට අදාළ සැකකරු වන මාතලේ ඔයපහල ප්‍රදේශයේ පදිංචි පෙරියසාමී සිවකුමාර්(49)නැමැත්තා මිනීමැරුම කළ බවට ඔප්පු කර ඇති බැවින් 280 වගන්තිය යටතේ මරණීය දණ්ඩනය නියම කරණ බව මහාධිරණය විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
 
අදාළ තීන්දුව ලබාදීමට ප්‍රථම විත්තිකරුට අවසාන වශයෙන් යමක් අධිකරණයට පැවසීමට ඇත්තම් ඒ සදහා අවස්ථාවක් ලබාදීම සිදුකෙරුණූ අතර එහිදි විත්තිකරු ප්‍රකාශ කර සිටියේ තමා මරණ චේතනාවෙන් මෙම සිදුවීම නොකළ බවත් තමාගේ ජීවිත ආරක්ෂාවට මේ දේ කළ බැවින් තමාට අත්හිටවු සිරදඬුවම ලබාදෙන ලෙසත්ය.
 
එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති මෙම මිනීමැරුමට අදාළව මරණීය දණ්ඩනය හැර වෙනත් විකල්පයක් නොමැති බැවින් මරණීය දණ්ඩනය ලබාදීමට සිදුවන බවත් අධිකරණය ඒ පිළිබදව කනගාටුවට පත්වන බවත්ය.
 
මාතලේ නගර මධ්‍යයේ  සිදුවු මෙම මිනීමැරුමට අදාළව එම සිද්ධිය ඇසින්දුටු පොලිස් නිලධාරියෙකු හා ඇසින්දුටු සාක්ෂී හා අධිකරණ වෛද්‍ය වාර්ථාවට අනුව සාධාරණ සැකයෙකින් තොරව මෙම තීන්දුව ලබාදි තිබේ.
 
සිද්ධියට අදාළව පැමිණීලි පාර්ෂවය වෙනුවෙන් රජයේ නිතිඥ ඔස්වල් පෙරේරා මහතා පෙනී සිටි අතර විත්තිය පාර්ෂවය වෙනුවෙන් නීතිඥ අනුරුද්ධ රණසිංහ මහතා පෙනිසිටියේය.



අදහස් (0)

මාතලේදී කළ මිනීමැරුමට වසර 11 කට පසු මරණ දඬුවම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site