
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
රට තුල උද්ගතව ඇති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් අනිද්දා (28) සිට ලබන මස 06 වැනිදා තෙක් වෘත්තීය කටයුතු වලින් ඉවත් වීමට මාතර නීතිඥ සංගමය තීරණය කළ බව එම තීරණය ක්‍රියාත්මක කිරීමට පත් කළ කමිටුවේ සාමාජික නීතිඥ රංගජීව ගමගේ මහතා පැවසීය.
ඒ අනුව මාතර මහේස්ත්‍රාත් උසාවිය, අතිරේක මහේස්ත්‍රාත් උසාවිය, දිසා අධිකරණ මහාධිකරණය, සිවිල් අභියාචනාධිකරණය, කම්කරු විනිශ්චය සභාව ආදී සියලු අධිකරණ කටයුතු වලින් ඉවත් වීමට තම සාමාජිකයින් තීරණය කල බවද ඔහු කීය.
හෙට (27) තම තීරණය අධිකරණ විනිසුරුවරුන්ට දැනුම් දෙන බවද නීතිඥ රංගජීව මහතා වැඩිදුරටත් සදහන් කළේය.
මාතර නීතිඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් අද (26) සවස පවත්වා තිබු අතර එහිදී මෙම තීන්දු තීරණ ගෙන තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.