IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මහියංගනයේ වැලි කැණීම තහනම් කලාපයක වැලි ජාවාරමක්

(රංජිත් කරුණාවීර)
 
මහියංගන මහවැලි පාලමේ ආරක්ෂාව සඳහා වැලි කැණීම් සපුරා තහනම් කරන ලද කලාපයේ, ‘වගාව’  නම් වු ගම්මානයේ,  මහවැලි ගඟේ වැලි ගොඩදමන ජාවාරමක් ක්‍රියාත්මක වන බව ප්‍රදේශවාසීහු කියති.
 
දිවා රාත්‍රියේ නොකඩවා මෙම වැලි ජාවාරම ක්‍රියාත්මක කරන පිරිස ඔත්තුකරුවන් රැසක් යොදවා ඇතැයිද, ඔවුන්ගෙන් මිදී  එම ප්‍රදේශයට පිවිසීම ද ඉතා අසීරු බවද ජනතාව කියා සිටිති.
 
වැලි ටැක්ටර් මහවැලි ගඟ තුළටම බස්සවා  මහවැලි පාලමට හානි වන ආකාරයට එම පිරිස පරිසර විනාශය කරමින් සිටින බවද, ජාවාරම නතර කිරීමට වගකිවයුතු නිලධාරින් කර අරිමින් සිටින බවද ඔවුහු පවසති.
 
බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වගාව ගම්මානයේ කෙරෙන වැලි ජාවාරම් පිළිබඳව ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් මාස කිහිපයක ඉහතදී එම ප්‍රදේශයේ වැලි කැණීම් සඳහා නිකුත් කර තිබු  බලපත්‍ර භූවිද්‍යා හා පතල් කාර්යාංශය විසින් අහෝසි කරන ලදී.
 
තහනම් කරනු ලැබූ  වැලි තොටුපොල  කිහිපයේ හා  මහියංගන ලංකා පිඟන් සංස්ථාවට අයත් මහවැලි ගඟ ආසන්නයේ වු ඉඩමක පවතින වැලි මංකඩකින් ජාවාරම්කරුවන් මෙම කටයුත්ත සිදුකරන බව කියති. ලංකා පිඟන් සංස්ථාවේ ඉඩමේ වැලි තොටුපොලද බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කිරීම හේතුවෙන් මීට වසරකට දෙකකට පමණ පෙර අහෝසි කෙරිණි.
 
භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ බදුල්ල කාර්යාලය මගින් වැලි කැනීම සඳහා බලපත්‍ර ලබාදී  තිබූ වැලි මංකඩවල බලපත්‍ර අහෝසි කර තිබුණද, නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ගං තොටුපොළ වෙත ට්‍රැක්ටර් බැස්ස වීම සඳහා කැපූ පාරවල් තවමත් වසා දැමීමට භූවිද්‍යා නිලධාරින් කටයුතු කර නැත. මේ හේතුවෙන්  වැලි ජාවාරම්කරුවෝ ඉතා පහසුවෙන්  ට්‍රැක්ටර් ගඟට බස්සවා විශාල පරිසර හානියක් කරමින් සිටිති.

නිලධාරින්ගේ රාජකාරී ප්‍රමාදය තවදුරටත් සිදු වුවහොත් වළක්වාගත නොහැකි පරිසර හානියක් වනු ඇතැයිද, ඉන් මහවැලි පාලමේ ආරක්ෂාවටත්, මහියංගන නගරයටත් ඉදිරියේදී විශාල තර්ජනයක් විය හැකි බවද මහියංගන ජනතාව පවසති.
 
ඡන්දය පැවති දින දෙකෙහි ට්‍රැක්ටර් 4ක් යොදාගනිමින් වැලි ගොඩ දමා ඇති බවත්, එලෙස ගොඩ  දමන වැලි එම ප්‍රදේශයේ ගෙවතු 3ක 4ක ගබඩා බලපත්‍ර රහිතව ගොඩ ගසා ඇති බවත්, නව රජය බලයට පත් වීමත් සමග වැලි ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම අහෝසි කිරීම හේතුවෙන් මෙම ජාවාරම දැඩි ලෙස සිදුවෙමින් පවතින බවත් ජනයා පෙන්වා දෙති.
 
වැලි කැණීම් හේතුවෙන් වේරගංතොට මහවැලි පාලමට වු අතර, මීට මාස කිහිපයකට පෙර කෝටි 2ක  පමණ මුදලක් වැය කර එය අලුත්වැඩියා කර තිබිණි.
 
බදුල්ල භූවිද්‍යා නිලධාරීන් රාජකාරි පැහැර හැරීම හේතුවෙන් මෙම ජාවාරම ඉහළ ගොස් ඇති බවද, එම රාජකාරි නිසි ලෙස ඉටුකිරීමට නිලධාරීන් යොමුකරන ලෙස ඉල්ලීමින් වරින් වර මහියංගන පොලිසිය ලිඛිත ඉල්ලීම් යොමු කර ඇති බවද, මේ වනතුරු ඊට ප්‍රතිචාර නොලැබූ බවද මහියංගන පොලිසිය පවසයි.



අදහස් (0)

මහියංගනයේ වැලි කැණීම තහනම් කලාපයක වැලි ජාවාරමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site